අද මි.මී 100ට වැඩි තද වැසි තත්ත්වයක්

0
291

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති වෙන බවද සඳන් කරයි.

දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය, මේ වන විට දිවයිනේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතී.

එම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ.

දිවයින පුරා අහස වලාකුළින් බරව පවතී.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු සිදුවිය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here