අද විදුලිය කැපීමේ තීරණය ක්‍රියාත්මක නොවේ.!

0
504

මින් ඉදිරියට විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ ප්‍රකාශ කර සිටිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද දහවල් පැවති සාකච්ජාවකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

මේ අතර විදුලිබල අමාත්‍යාංශය සහ බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරින් සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ජාවක් අද දිනයේදී පවත්වනු ලැබුවා.

මෙහිදී මුහුදේ නැංගුරම්ලා තිබෙන ඉන්ධන නෞකා දෙකක් ගොඩබෑමට අවශ්‍ය ඩොලර් නිකුත් කිරිමට ද ජනාධිපතිතුමා විසින් මහ බැංකු අධිපතිවරයාට උපදෙස් ලබාදුන් බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here