අද වෙනකං ජනපති එක්ක කතා කරන්න අවස්ථාවක් ලැබිලා නෑ – තිස්ස විතාරණ

0
270

ආණ්ඩුව පත්වීමෙන් පසු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සමාජවාදී දේශපාලන පක්ෂවලට ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට මේ වන තුරු අවස්ථාවක් ලැබී නැතැයි සමාජවාදී ජනතා පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ පවසනවා.

රටේ ඇති වී ඇති අර්බුද පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කිහිප අවස්ථාවකදී ම ආණ්ඩුවේ ඉහළ පෙළේ නායකයන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා සිටිය ද මේ වන තුරු ඒ සඳහා අවස්ථාවක් නොලැබුණු බව ද තිස්ස විතාරණ මහතා සඳහන් කරනවා.

වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට තම දේශපාලන සන්ධානය, විශාල මෙහෙයක් සිදුකළ බවද තම දේශපාලන අදහස් ප්‍රකාශ කිරීම සඳහා සාකච්ඡාවක් ලබා දීමට ආණ්ඩුවේ නායකයන් ක්‍රියා කළ යුතු බව ද මහාචාර්ය තිස්ස විතාරණ පැවැසුවේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here