අද සතුන් වත්ත නොමිලයේ නරඹන්න!

0
326

ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් අද (01) දිනයේ ළමුන්ට හා වැඩිහිටියන්ට සත්වෝද්‍යානවලට නොමිලේ ඇතුළු වීමට අවසර ලබා දී ඇතැයි වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

අමාත්‍යවරයා පැවසුවේ, ඒ අනුව පාසල් දරුවන්ට හා අවුරුදු 60 ඉක්ම වූ වැඩිහිටියන්ට සියලුම සත්වෝද්‍යානවලට නොමිලේ ඇතුළු වී විනෝද වීමට අවස්ථාව සලසන්නැයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බවයි.

සත්වෝද්‍යානවල දී දරුවන්ට සතුන් පිළිබඳ අධ්‍යාපනික දැනුම ලබා දීම සඳහා අධ්‍යාපනික වැඩසටහන් රැසක්ද එහි සංවිධානය කර තිබේ. 

අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, වැඩිහිටියන්ට විනෝද වීමට අවස්ථාව ලබා දෙමින් සතුන්ට ආහාර දීමට හා සතුන් සමග ඡායාරූප ගැනීමට ද අවස්ථාව සලසා දී බවය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here