Sunday, January 19, 2025

අද සිට ක්‍රියාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශ

අද (16) සිට ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන විසින් නිකුත් කර තිබෙනවා.

නිසි බලධාරීයාගෙන් ලබා ගන්නා අවසරයකින් තොරව නව රෙගුලාසිවලට අනුව මහජන ඒකරාශී වීම්, රැස්වීම් හා උත්සව සඳහා නැවත දැනුම් දෙන තුරු අවසර හිමි නොවනු ඇති.

ඒ අනුව පෞද්ගලික ඒකරාශීවීම් වලදී ශාලාවක ධාරිතාවෙන් තුනෙන් එකකට අවසර හිමිවන අතර එය පුද්ගලයින් 100 නොඉක්මවිය යුතුයි.

පෞද්ගලික නිවසක නම් රැස්විය හැකි උපරිම පුද්ගලයින් සංඛ්‍යාව 10ක් වන අතර එළිමහන් පෞද්ගලික ඒකරාශී වීම් සඳහා අවසර හිමිවන්නේ නැහැ.

නව මාර්ගෝපදේශවලට අනුව කටයුතු නොකරන පුද්ගලයින් හා ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද එහි දැක්වෙනවා.

ආගමික ස්ථානවල තනි තනිව වැඳුම් පිදුම් කිරීමට අවසර හිමියි.

විශේෂ උත්සව, යාඥා මෙහෙයන් සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නව මාර්ගෝපදේශවලට අනුකූලව සිදු කළ යුතු වේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පන්ති සඳහා පමණක් උපකාරක පන්ති සියයට 50ක ධාරිතාවයකින් පවත්වා ගෙන යා හැකියි.

අවමංගල්‍ය උත්සව සිරුර මුදා හැර පැය 24ක් ඇතුළත සිදුකළ යුතු අතර එක් වරකට සිටිය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 20ක්.

විවාහ මංගල උත්සව සඳහා සියයට නොවැඩි පිරිසකට සහභාගි විය හැකි අතර එළිමහන් මංගල උත්සව සඳහා 150කට සහභාගි විය හැකිය.

එම නව මාර්ගෝපදේශ අනුව අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී විය හැකි උපරිම සංඛාව 30ක් දක්වා ඉහළ දමා ඇති අතර මංගල උත්සවවලදී මත්පැන් පිළිගැන්වීමට තිබූ තහනම අද (16) සිට ඉවත් වේ.

නරඹන්නන් නොමැතිව ක්‍රිඩා ක්‍රියාකාරකම් සඳහා අවසර හිමි වන අතර සිනමා හල් හා රංග ශාලා සියයට 50ක ධාරිතායෙන් පවත්වා ගත හැකියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles