Friday, September 20, 2024

අද සිට දක්ෂිණ අධිවේගයේ ගාස්තු ගෙවීම QR ක්‍රමයට

අධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු අසල මුදල් ගෙවීම සඳහා Lanka QR ජංගම ගෙවීම් යෙදුම භාවිතා කිරීමේ සමාරම්භක උත්සවය අද (21) කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේදී පැවැත්විය.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරුන් සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද එම අවස්ථාව සඳහා එක්ව සිටියේය.

මෙම Lanka QR ජංගම ගෙවීමේ යෙදුම දැනට දක්ෂිණ අධිවේගී මාර්ගයේ පමණක් භාවිතා කරන අතර එය ඉදිරියේදී අනෙකුත් අධිවේගී මාර්ගවල භාවිතයට ගැනීමට නියමිත බවයි අමාත්‍යංශය සඳහන් කළේ.

Lanka QR සක්‍රීය App සහිත ඕනෑම අයෙකුට භෞතික මුදල් රහිතව මෙම ජංගම යෙදුම භාවිතා කර තමන්ගේ අධිවේගී මාර්ග ගාස්තුව ගෙවීමට හැකියාව ලැබෙනු ඇති.

එහිදී ඔවුනට අවශ්‍ය වන්නේ ගමන ආරම්භයේ දී ලැබෙන ටිකට් පත ගමනාන්තයේ ඇති පිටවීමේ දොරටුවට ඉදිරිපත් කර , ගෙවීම් කටයුතු සඳහා ඇති Lanka QR කේතය පරිලෝකනය (Scan) කිරීම පමණි.

මෙම Lanka QR ජංගම යෙදුම භාවිතා කිරීම මඟින් මුදල් භාවිතය අවම වීම, මුදල් මඟින් කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීම, සමාජය ඩිජිටල්කරණ සඳහා යොමු වීම, අධිවේගී මාර්ග වල පිටවීමේ දොරටු අසල කාර්යාලීය වේලාවන් වලදී පවතින දැඩි රථවාහන තදබදය අවම කර ගත හැකිවීම යනාදී ප්‍රතිලාභ හිමිවනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles