Friday, September 20, 2024

අද විශේෂ පාර්ලිමේන්තු දිනයක් – අද ආරම්භ වන පාර්ලිමේන්තු රැස්වීම් දින පහක් පැවැත්වෙයි

මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් අද ආරම්භ වනවා.

2022 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේද මෙම සතියේදීයි.

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්ණ සදහා විශේෂ රැස්වීම් දිනයක් ලෙසයි අද දිනය වෙන්කර ඇත්තේ.

ඒ අනුව විවිධ හේතු මත මෙතෙක් පාර්ලිමේන්තුවේදී ඇසීමට නොහැකිවූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්ණ 40 ක් සදහා අද කාලය වෙන්කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුව අද පෙරවරු 10 සිට පස්වරු 04.30 දක්වා රැස්වීමට නියමිත අතර මෙම සතිය තුළ අඛණ්ඩව දින 05ක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය

එකතු කළ අගය මත බදු පනත යටතේ නියෝග, දේශීය ආදායම් පනත යටතේ නියෝග සහ මුදල් පණත යටතේ නියෝගයක් හෙට දින විවාද කිරීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට නියමිතයි.

ඔක්තෝබර් 06 වැනි බදාදා පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත විවාදයට ගැනීමේන් අනතුරුව සම්මත කර ගැනීමටයි නියමිතව ඇත්තේ.

ඔක්තෝබර් 07 වැනි බ්‍රහස්පතින්දා ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීම, සේවක අර්ථසාධක අරමුදල් සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීම සහ සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ නියෝගයක් විවාදයට ගැනෙනවා. වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබද වාර්තාවට අදාළ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වෙන්නේ සිකුරාදායි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles