අද සිට දෛනික විදුලි කප්පාදුවක්

0
288

අද(15) සිට ක්‍රියාත්මක වන පරිදි දෛනික විදුලි කප්පාදුවක් සඳහා යාමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ජනතාවට දැනුම් දෙනවා.

ජල විදුලිය නිශ්පාදනය සීමා වීම සහ බලාගාර සතු ඉන්ධන තොග ප්‍රමාණවත් නොවීම මෙම තීරණය ගැනීමට හේතුවූ බව එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරනවා.

ඒ අනුව විදුලි කප්පාදුව සිදු කරන සැලැස්ම අද(15) පස්වරුවේ නිකුත් කෙරෙනු ඇත.

මෙි අතර කැලණිතිස්ස-සොජිට් බලාගාරය, අද අළුයම සිට අක්‍රිය වී තිබෙන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

ඉන්ධන නොමැතිවීම මීට හේතුව බව ඔහු පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here