Wednesday, September 25, 2024

‘ ජය ශ්‍රී’ ට දුන් වාරණය ඉවත⁣ට ! අද සිට නැවතත් ජය ශ්‍රී සොහොයුරන් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ගීතවත් වෙයි

ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන “මොඩ් ගොවියා” සහ “සුන්දරියේ” යන ගීත ඇල්බම් වල අඩංගු ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වෙත නිකුත් කර තිබූ වාරණ නියෝගය ඉවත් කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය අද නියෝග කළේය.

ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන “මොඩ් ගොවියා” සහ “සුන්දරියේ” යන ගීත ඇල්බම්වල අඩංගු ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වෙත නිකුත් කර තිබූ වාරණ නියෝගය ඉවත් කර තිබෙනවා.

අදාළ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන අරුණ ලියනගේ විසිනුයි මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ.

පෙත්සම්කරු කියා තිබුණේ, තමා සහ එම නඩුවේ වගඋත්තරකරුවන් දෙදෙනා එක්ව “ජය ශ්‍රී” යනුවෙන් සංගීත කණ්ඩායමක් පිහිට වූ බවයි.

වගඋත්තරකරුවන් දෙදෙනා මේ වන විට සංගීත කණ්ඩායමෙන් ඉවත්ව සිටින අතර ඔවුන් තමන්ගේ අනුමැතියකින් තොරව එම සංගීත කණ්ඩායම විසින් සම්පාදනය කළ “මොඩ් ගොවියා” සහ “සුන්දරියේ” යන ගීත ඇල්බම්වල අඩංගු ගීත ගායනා කරන බවත් එය බුද්ධිමය දේපළ පනතට පටහැනි බවත් පැමිණිලිකරු අධිකරණය හමුවේ සඳහන් කර තිබෙනවා.

වගඋත්තර කරුවන් දෙදෙනා මේ වන විට සංගීත කණ්ඩායමෙන් ඉවත්ව සිටින අතර ඔවුන් තමන්ගේ අනුමැතියකින් තොරව එම සංගීත කණ්ඩායම විසින් සම්පාදනය කළ “මොඩ් ගොවියා” සහ “සුන්දරියේ” යන ගීත ඇල්බම් වල අඩංගු ගීත ගායනා කරන බවත් එය බුද්ධිමය දේපළ පනතට පටහැනි බවත් පැමිණිලිකරු අධිකරණය හමුවේ සඳහන් කළේය.

එහෙත් එම චෝදනා ප්‍රතික්ෂේප කළ වගඋත්තරකරුවන් මෙම ගීත වලට තමන් ද දායකත්වය සපයා තිබෙන හෙයින් ඒවායේ අයිතිය තමන් සතු බව කියා සිටිති.

එබැවින් මෙම වාරණ නියෝගය ලබාගෙන තිබෙන ආකාරය නීතියට පටහැනි බව ඔවුන් සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු වාණිජ මහාධිකරණය වගඋත්තරකරුවන් දෙදෙනාට නොතීසි නිකුත් කරමින් අදාළ වාරණ නියෝගය නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් අද (23) දිනයේ එම වාරණ නියෝගය ඉවත් කිරීමෙන් පසු ජය ශ්‍රී සාමාජිකයින් මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.

ඔවුන් දෙදෙනා එහිදී සඳහන් කළේ, එම ගීත අතරින් 18 ක් ඔවුන් දෙදෙනා විසින් ගැයූ බවයි. ජයශ්‍රී සොහොයුරන් වෙනුවෙන් නීතිඥ සම්මානි වර්ණකුලසූරිය මහත්මිය පෙනී සිටියාය.

අනතුරුව නඩුව මැයි මස 27 වනදා කැඳවීමට ද නියම වුණි.

පෙත්සම්කරු කියා සිටින්නේ තමා සහ මෙම නඩුවේ වගඋත්තරකරුවන් දෙදෙනා එක්ව “ජය ශ්‍රී” යනුවෙන් සංගීත කණ්ඩායම පිහිට වූ බවයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles