අද සිට විදුලි බිල නැගීම ඇරඹේ!

0
680

විදුලිය ගාස්තු අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 18කින් ඉහළ  නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඊයේ (19) පස්වරුවේ රැස්වී විදුලිය ගාස්තු ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදීමට  තීරණය කළ බව එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය.

විදුලිය ගාස්තු භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව ගාස්තු වැඩි කරන්නේ කෙසේදැයි අද (20) පස්වරුව වනවිට  නිවේදනය කරන බව ද සභාපතිවරයා කීය.

වසරක් ඇතුළත විදුලිය ගාස්තු මෙලෙස ඉහළ දමනු ලබන්නේ තෙවැනි වරටවීම විශේෂත්වයකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here