අද සිට සතියක් බැංකු රැසක් වැසෙයි

0
1193

මෙරට ප්‍රධාන පෙළේ පුද්ගලික වාණිජ බැංකු කිහිපයක් විසින් අද ජූනි 07 සඳුදා දිනයේ සිට සතියක කාලයක් පුරාවට සාමාන්‍ය බැංකු සේවා සඳහා තම සියලුම ශාඛාවන් වසා තබන බව දැනුම් දී සිටී.

රටේ පවතින සංචරණ සීමාවන් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව අදාළ බැංකු විසින් වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ් අනුව කොමර්ෂල්, සම්පත්, සෙලාන්, DFCC , නේෂන්ස් ට්‍රස්ට්, අමානා, යූනියන් බැංකුව මෙලෙස සතිය පුරාවටම සිය ශාඛා ජාලය වසා තබන බවට දැනුම් දී සිටින අතර හෙට සහ අනිද්දා දිනයන් හිදී සිය ශාඛාවන් වසා තබන බව හැටන් නැෂනල් බැංකුව පවසයි.

මේ අතර මෙම බැංකු වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ගනුදෙනු සඳහා සිය ඩිජිටල් බැංකු සේවා යොදා ගන්නා ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here