Monday, December 23, 2024

අද සිට සතොසෙන් සියයට අඩුවෙන් සහල්

අද (12) සිට සහල් වර්ග කිහිපයක් රුපියල් 100ට වඩා අඩුවෙන් සතොස මගින් පරිභෝගිකයන්ට ලබාගත් හැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

මෙය උත්සව සමය වෙනුවෙන් ලබාදුන් මෙම සහනය දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

“බඩු මිල දරාගන්න අමාරුයි ඒ නිසා නාඩු කිලෝවක් රුපියල් අනූ නමයයි සත 50 කටත් භාණ්ඩ වර්ග 50ක් වෙළඳපොලේ පවතින මිලට වඩා අඩුවෙන් දෙසැම්බර් 31වැනිදා දක්වා සතොසෙන් ලබා දෙන්න කියලා වැඩපිළිවෙළක් සකස් කළා අපි දන්නවා හැමෝටම අමාරුයි. අපිට පුළුවන් උපරිම දේ තමයි මේ කරලා තියෙන්නේ.මේ තත්ත්වයෙන් ගොඩ එන්න නම් හැමදෙනාම නිෂ්පාදනයට දායක වෙලා වැඩ කරන්න ඕන”

කොළඹ ඊයේ  (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

ඊට අමතරව තවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 50ක් සතොස වෙළඳසැල් මගින් අද සිට අඩු මිලට ලබාගත හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී මාධ්‍යවේදියෙක් ඉහළ නගින බඩු මිල පිළිබඳව විමසා සිටි අවස්ථාවේදී අමාත්‍යවරයා පැවැසුවේ වෙළඳ ඇමති ලෙස තමන්ට බඩු මිල අඩු කළ නොහැකි බවයි. ” බොරු කියලා දේශපාලන හාල්පාරුවෙක් වෙන්න මට බෑ” යනුවෙනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles