අද සිට සපුගස්කන්ද යළි වැසේ

0
327

සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය අද සිට යළි වසා දැමෙනවා. ඒ, බොරතෙල් මිලදී ගැනීමේදී මතුව ඇති දුෂ්කර විදේශ විනිමය අර්බුදය හේතුවෙනි.

මීට පෙර නොවැම්බර් 15 වනදා එම තෙල් පිරිපහදුව වසා දැමුණු අතර එය යළි විවෘත කෙරුණේ දෙසැම්බර් 07 වනදායි. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවේ ජනවාරි 26 හෝ 27 වනදා සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය යළි විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි.

තාවකාලිකව තෙල් පිරිපහදුව වසා දැමුව ද රට තුල ඉන්ධන හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

දෛනිකව බොරතෙල් මෙට්‍රික් ටොන් 6500ක් පිරිපහදු කෙරෙන සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඩොලර් අර්බුදය හමුවේ බොරතෙල් සපයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් පසුගිය වසරේ නොවැම්බර් 15 වනදා වසා දැමුණු අතර, එය දින 22කට පසු යළි විවෘත කෙරුණේ දෙසැම්බර් 7 වනදායි.

හෙට දිනයේ වසා දැමෙන තෙල් පිරිපහදුව මේ මස අවසානය වනවිට යළි විවෘත කිරීමට හැකියාව පවතින බව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here