Friday, December 27, 2024

අද සිට 21 දක්වා වැසි තත්ත්වයේ වර්ධනයක්

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති කැළඹිලි තත්ත්වය මේ වනවිට දිවයිනට ගිනිකොණ දෙසින් පවතින අතර එය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වන ලකුණු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් අහස වළාකුලින් බරව පවතින අතර වැසි තත්වයේ වර්ධනයක් තවදුරටත් (විශේෂයෙන් නොවැම්බර් මස 19 සිට 21 දක්වා)  මධ්‍යම, සබරගමුව, බස්නාහිර,නැගෙනහිර, ඌව සහ දකුණු, පළාත්වල අ‍පේක්ෂා  කල හැක.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ,විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති ‍වේ.

ඇතැම් ස්ථානවලට, විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල, තද වැසි (100mm පමණ) බලාපොරොත්තු විය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්වයක් අපේක්ෂා කල හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. 

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය  පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ‍වන අතර තද වැසිද බලාපොරොත්තු විය හැක.

සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ.

ගාල්ල සිට කොළඹ, පුත්තලම සහ මන්නාරම හරහාකන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටක පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකි අතර එම මුහුද ප්‍රදේශ විටින් විට තරමක් රළුවිය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල දැනට පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං (පැ.කි.මී.70-80)ඇති වියහැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles