Friday, September 20, 2024

අධ්‍යාපන අමාත්‍යංශය තොරතුරු දෙන්නේ නැතිලු

තොරතුරු දැන ගැනීමේ පනතට අනුව අධ්‍යාපන  අමාත්‍යාංශය තොරතුරු ලබා නොදෙන බව අධ්‍යපන අනධ්‍යයන සේවක සංගමය චෝදනා කරයි.

එම සංගමය අද  සවස මහනුවර දී  පැවැත්වූ මාධ්‍ය හමුවේදී එහි ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා මේ බව සදහන් කළේය.

ලෝකයේ මුල් තැනට පත් වූ  තොරතුරු පනතක් අපට ඇති බවට රජය දිගින් දිගටම කිව්වද තොරතුරු ලබා දීමේදී ඇතැම් රජයේ ආයතන නිසි ලෙස කටයුතු නොකරන බවද ඔහු කීය.

2017 අප්‍රේල් මාසයේදී අධ්‍යාපන අමාත්‍යාංශයෙන්  කරුණු  කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා  ඇති නමුත්  ඒ සදහා මාස හයක් ගත වී ඇතත් මේ වන තුරුත් එම තොරතුරු ලැබී නොමැති බවද ඔහු සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles