Wednesday, December 25, 2024

අධිකරණයෙන් අසාද් සාලිට දුන් නියෝගය

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා මේ මස 25 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියම කර තිබේ.

අසාත් සාලි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මෝසමක් ගොනු කරමින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් එම නියෝගය කළේය.

විත්තිකාර අසාත් සාලි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ, තම සේවාදායකයාට අදාළ නඩුව නොවැම්බර් මස කැඳවීමට නියමිතව තිබුණත් ඔහු දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හෙයින් එම නඩුව කෙටි දිනයකදී කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙසය.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ නඩුව මේ මස 25 වනදා කැඳවීමට නියම කළ අතර එදින අසාත් සාලි මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි කොළඹ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

ඉකුත් මාර්තු මස 9 වනදා කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ජාතීන් අතර පවතින සංහිඳියාව කඩ වන ආකාරයෙන් ප්‍රකාශ සිදුකළේ යැයි චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව සම්මුති පනත යටතේ නීතිපතිවරයා විසින් අසාත් සාලි මහතාට එරෙහිව එම නඩුව ගොනු කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles