අධිකරණ ඇමති පොර්ට් සිටියේ සංචාරයක

0
535

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා කොළඹ පොර්ට් සිටි සංවර්ධන ව්‍යාපෘතිය නැරඹීම සඳහා ඊයේ (15) නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබුණි.

එහිදී ඔහු පැවසුවේ, වරාය නගර ව්‍යාපෘතිය මෙරටේ වේගවත් සංවර්ධනයක් සඳහා උත්තේජනයත් ලෙස යොදාගත හැකි බහුවිධ සංවර්ධන ව්‍යාපෘතියක් බවය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, වර්තමාන අභියෝග ජයගෙන විශ්වාසයෙන් නැගී සිටිය හැකි ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට මෙම ව්‍යාපෘතිය තුළින් හැකිවනු ඇති බවය.

මේ දක්වා ව්‍යාපෘතියෙහි ලබා ඇති ප්‍රගතිය සහ අනාගත සංවර්ධන සැලැස්ම පිළිබඳව විස්තර කළ වරාය නගර සංවර්ධන ව්‍යාපෘති කළමණාකරන නිලධාරීන් ඒ සඳහා අවශ්‍ය සියලු නීති සහ රෙගුලාසි කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයද අමාත්‍යවරයාට එම අවස්ථාවේදී අවධාරණය කර තිබුණි.

මෙම කොළඹ වරාය නගරය, මුහුද ගොඩකර නිර්මාණය කළ හෙක්ටයාර 269ක් වු භූමි භාගයකි.

මෙම සංවර්ධන ව්‍යාපෘතිය ප්‍රධාන පරිශ්‍ර 5කින් සමන්විත වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here