අධිකරණ ඇමති වහබ්වාදය අනුමත කරන්නෙක් – අක්මීමන දයාරත්න හිමියන් චෝදනා කරයි

0
318

වත්මන් ආණ්ඩුවේ ඇති අක්‍රමිකතා හේතුවෙන් මේ වනවිට රටේ සියලුම ක්ෂේත්‍රවල දැඩි පරිහානියක් සිදු ව ඇති බව සිංහල රාවයේ නායක පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් පවසනවා.  දෙහිවල බෞද්ධ මධ්‍යස්ථානයේ අද පැවති (05) මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ, මේ වනවිට නීති විද්‍යාලයට සිසුන් ඇතුළත් කිරීමේ විභාගයෙහි පවා විශාල වශයෙන් ප්‍රශ්න ඇති වී තිබෙන බවයි.

කොළඹ නීති විද්‍යාලයට නවක සිසුන් ඇතුළත් කිරීමේ විභාගය වෙනුවෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී සිටින සිසුන් 3584න්, 177 දෙනෙකු සමත් වී ඇති අතර, සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් වූ සිසුන් 1619න්, සමත්ව ඇත්තේ, 19 දෙනෙකු පමණක් බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

එමෙන්ම දෙමළ මාධ්‍යයෙන් ඉදිරිපත් වූ සිසුන් 380න් 37 දෙනෙකු සමත් වී ඇතත්, මෙම විභාග ප්‍රතිඵලවල යම්කිසි අක්‍රමිකතාවක් රජය දැනුවත්ව සිදුවී ඇති බව ද, සිංහල රාවයේ පක්ෂ නායකයා සඳහන් කරනවා.

වත්මන් අධිකරණ අමාත්‍යවරයාට චෝදනා එල්ල කරන උන්වහන්සේ කියා සිටින්නේ, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි යනු අන්තවාදී පුද්ගලයෙකු වන අතර, මෙවැනි අක්‍රමිකතා ඇති කරමින් ජාතිවාදය ඇවිස්සීමට උත්සාහ කරන මොහු, යහපාලන ආණ්ඩුවේ සිටි හිටපු අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම්ට වඩා එහා ගිය අයෙකු බවයි. එසේම වත්මන් අධිකරණ අමාත්‍යවරයා වහබ්වාදය අනුමත කරන්නෙකු බවද පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් පැවසුවා‍.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here