අධික වර්ෂාවත් සමඟ ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

0
325

අධික වර්ෂාවත් සමඟ ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතකර තිබෙි.

රාජාංගනය ජලාශයේ වාන් දොරටු හයක් විවෘත කර ඇති බැවින් පහළ ප්‍රදේශවල සිටින ජනතාව විමසිල්ලෙන් සිටින‍ ලෙසට ජලාශ භාර ඉංජිනේරුවරයා ඉල්ලා සිටිනවා.

කලාවැව සහ බදුලු වැව ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් කලාවැවේ ද වාන් දොරටු දෙකක් ද විවෘත කර තිබෙනවා.

වික්ටෝරියා ජලාශයේ වාන් දැමීම ස්වයංක්‍රීයව ආරම්භ වී තිබෙනවා.

ජලාශ භාර ඉංජිනේරුවරයා ප්‍රකාශ කලේ පොල්ගොල්ල ජලාශයේ ද වාන් දොරටු 5 ක් විවෘත කර ඇති බවයි.

දැදුරු ඔය ජලාශයේ ද වාන් දොරටු 4 ක් විවෘත කර ඇති අතර තත්ත්පරයකට ඝන අඩි 8,400ක් බැගින් ජලය නිකුත් කෙරෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here