Wednesday, September 25, 2024

අධිභාර බදු කෙටුම්පතට එරෙහිව සජබෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිභාර බදු පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සමක් ගොනුකර තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බැවින් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.

එම පෙත්සම මගින්, අධිභාර බදු පනත් කෙටුම්පත හරහා වාර්ෂිකව රුපියල් මිලියන 2000 ට වැඩි ආදායම් උපයන සමාගම් වලින් 25% ක අධිභාර බද්දක් අය කිරීමට යෝජනා වී ඇති බව කියා සිටින ඔහු තව දුරටත් දක්වා සිටියේ, සේවක අර්ථසාධක අරමුදල මෙන්ම ඇතැම් සේවක සුබසාධන අරමුදල්ද මෙම බද්දට යටත් කොට ඇති බවයි.

එමගින් සේවක සුබසාධනයට දැඩි හානියක් වන බව කියා සිටින ඔවුන් මෙම පෙත්සම මගින් තව දුරටත් අවධාරණය කරන්නේ අදාළ පනත් කෙටුම්පතේ ඇතුලත් වගන්ති බොහෝමයකින් ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව මගින් තහවුරු කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවය.

ඒ හේතුවෙන් අදාළ පනත සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර කැමැත්ත හා ජනමත විචාරණයක් අවශ්‍ය බවට තීන්දුවක් ලබා දෙන මෙන් ඔවුන් ඉල්ලා සිටියි.

පෙත්සමේ වග උත්තකරකරු ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයාවයි.

2020 අප්‍රේල් 01 වන දිනයෙන් ආරම්භවන තක්සේරු වර්ෂයේ රුපියල් මිලියන දෙදහස ඉක්මවන බදු අයකල හැකි අදායම් ලබන පුද්ගලයෙක්, හවුල් ව්‍යාපාරයක් හෝ සමාගමක් එම ආදායමෙන් 25% ක අධිභාරයක් ගෙවිය යුතු බවට මෙම පනතින් යෝජනා කර තිබුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles