Friday, September 20, 2024

අධිවේගයේ තවත් විවේකස්ථාන දෙකක්..

දක්ෂිණ අධිවේගී මාර්ගයේ විවේක කලාප (REST AREA) තවත් තුනක් ඉතා කෙටි කලකින් පිහිටුවීමට සැලසුම් කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී.පී.කේ අතලුවගේ මහතා ලංකාදීපයට පැවැසීය.

එම විවේක කලාප පිහිටුවීමට සුදුසු ප්‍රදේශ මේදිනවල හඳුනා ගෙන යන බවද ඔහු කීවේය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැනට ඇත්තේ එක් විවේක කලාපයක් පමණක් වන අතර එය පිහිටුවා ඇත්තේ වැලිපැන්න ප්‍රදේශයේය.

දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට මත්තල ප්‍රදේශය දක්වා(අන්දරවැව)දීර්ඝ කර ඇති තත්වය යටතේ විවේක ප්‍රදේශ එකක් පමණක් ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇතැයි ද විවේක ප්‍රදේශ තවත් තුනක් පිහිටුවීමට සැලසුම් කර ඇත්තේ ඒ අනුව යැයි ද අතලුවගේ මහතා ප්‍රකාශ කළේය.

මාතර සිට මත්තල දක්වාවූ මාර්ග කොටසේද විවේක කලාපයක් මේ අනුව ඉදිරියේදී ස්ථාපනය කෙරෙනු ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තවත් විවේක ප්‍රදේශ පිහිටුවන්නැයි මගින් සහ රියදුරන්ගෙන්ද ඉල්ලීම් රැසක් ලැබී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles