අධිවේගයේ දඩ දෙන්න නවීන තාක්ෂණය එයි

0
479

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් රිය ධාවනයේ යෙදෙන සියලුම රියදුරන්ට නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ඔවුන් පිටවන දොරටුවේදී කළ වරදට නියමිත දඩ පත්‍රිකාවක් ලබාදීමට කටයුතු කර ඇතැයි අධිවේගී මාර්ග මෙහෙයුම් අංශ කියයි.

මාතර, ගොඩගම, කොක්මාදුව, ඉමදුව, ගාල්ල, බද්දේගම, කුරුඳුගහහැතැක්ම, වැලිපැන්න, දොඩන්ගොඩ, ගැලනිගම, කොට්ටාව, අතුරුගිරිය, කඩුවෙල, කඩවත යන අධිවේගී මාර්ග පිවිසුම් හා පිටවීමේ දොරටුවලදී අධික වේගයෙන් ගමන් කළ රියදුරන්ට නවීන තාක්ෂණයෙන් යුත් වේග මාපක උපකරණ අශ්‍රිතයෙන් ලබාගත් තොරතුරු සමග ඔවුන් කළ වරද අනුව දඩ පත්‍රිකාවක් නිකුත් කිරීමට කටයුතු කර ඇති බව අධිවේගී මාර්ග මෙහෙයුම් අංශය වැඩිදුරටත් කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here