අධිවේගි මාර්ග ගාස්තු ගෙවීම සඳහා LANKAQR ක්‍රමවෙිදය භාවිතා කිරීමට කැබිනට් අනුමැතිය

0
364

අධිවේගි මාර්ගවල ගාස්තු ගෙවීම සඳහා Lanka QR ගෙවීම් ක්‍රමවේදය භාවිත කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

අධිවේගී මාර්ගයන්හි ගාස්තු අය කිරීම LANKAQR හරහා ඩිජිටල්කරණය කිරීම රජය විසින් ශ්‍රී ලංකාව තුළ භෞතිකව මුදල් භාවිතය අවම කිරීමේ අරමුණ සහිතව LANKAQR ගෙවීම් ක්‍රමවේදය ප්‍රචලිත කිරීම සඳහා සියලුම බලපත්‍රලාභී මූල්‍ය ආයතන සමඟ එක්ව කටයුතු කරමින් සිටී.

සිය ජංගම දුරකථනයේ අදාළ මුදල සටහන් කර ඕනෑම බැංකුවක LANKAQR සක්‍රීය ජංගම ගෙවීම් යෙදුමක් හරහා ගාස්තු අයකිරීමේ ගේට්ටුවේ ඇති QR කේතය පරිලෝකනය කිරීමෙන් තත්පර 8-10ත් අතර කාලයක් තුළ අදාළ ගෙවීම සිදු කිරීමට අධිවේගී මාර්ගය භාවිත කරනු ලබන රියදුරන්ට එමඟින් හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව, එකී ගෙවීම් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම පිණිස මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here