Monday, September 23, 2024

අධිවේගී මාර්ගවල පොලීසියට මහාමාර්ග ඇමතිගෙන් නියෝගයක්

මාස 6 ක් ඇතුලත අධිවේගී මාර්ග වල සිදුවන රිය අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පොලිසියට උපදෙස් ලබා දී තිබේ.

අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු, කළමණාකරණ අංශයේ සහ අධිවේගී මාර්ග වල ස්ථාපිත කර ඇති පොලිස් ඒකක වල නිළධාරින් සමඟ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත්තේ 2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂය තුළ සිදු වූ රිය අනතුරු සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවය.

2021 වසර තුලදී ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගයන් වල පින්නදූව, අපරැක්ක, කුරුඳුගහහැතැක්ම, අගුණකොලපැලැස්ස ,අතුරුගිරිය සහ ගැලනිගම යන ස්ථානයන් හිදී මාරක රිය අනතුරු 07 සිදු වී ඇත.

මෙම අනතුරුවලින් පුද්ගලයන් 09 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇත.

2021 වර්ෂයේ දී අධිවේගී මාර්ග වල සිදු වූ සමස්ථ රිය අනතුරු සංඛ්‍යාව 461කි.

2020 වර්ෂය තුල අධිවේගී මාර්ග වල මාරක රිය අනතුරු ද සහිතව සිදු වූ සමස්ථ රිය අනතුරු සංඛ්‍යාව 308කි.

2020 වර්ෂය තුල මාරක රිය අනතුරු 05ක් ගැලනිගමදී සහ කුරුඳුගහහැතැක්මේදී සිදු වූ අතර එයින් 05 දෙනෙකු ජීවිතක්ෂට පත් වී තිබේ.

අධිවේගී මාර්ග වල සිදු වූ රිය අනතුරු වලින් බහුතරයක් සිදු වී ඇත්තේ රියදුරුට නින්ද යාම නිසා බැවින් රියදුරන්ට අධිවේගී මාර්ගවල ගිමන් හැරීම සඳහා ගිමන් හරින ස්ථාන ඉදිකිරීම පිළිබඳවද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ අවධානය යොමු වී තිබේ.

බීමත්ව රිය පැදවීම, අපරික්ෂාකාරී සහ අන්තරාදායක ලෙස රිය පැදවීම, වේග සීමා උල්ලංඝණය කිරීම, ආසන පටි නොපැලඳ ධාවනය කිරීම, ජංගම දුරකථනයෙන් කථා කරමින් රිය ධාවනය කිරීම, ආදායම් බලපත්‍ර නොමැතිව ධාවනය කිරීම වැනි වැරදි සිදුකල රියදුරන් අධිවේගී මාර්ග වල පිටවීමේ දොරටු අසල අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව 2021 වර්ෂයේ දී නඩු 79,904 ක් දමා ඇති බවත් 2020 වර්ෂයේදී ඊට අදාළව දමා ඇති නඩු ප්‍රමාණය 66,252කි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles