ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව මගී ප්‍රවාහන සාමාන්‍ය සේවා බස් ගාස්තු සියයට 17.44 කින් ඉහළ දැමීමත් සමඟ අධිවේගී මාර්ග බස් ගාස්තු ද ඉහළ දැමූ බවත් ඒ අනුව කොළඹ සිට කතරගම දක්වා ගාස්තුව රුපියල් 1,210 ක් දක්වා ඉහළ දැමූ බවත් ාජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව කොළඹ සිට කතරගම රුපියල් 1,160 ක් දක්වා ද, මාතර සිට මහනුවර දක්වා ගාස්තුව රුපියල් 1,060 ක් දක්වා ද, කොළඹ සිට මාතර දක්වා ගාස්තුව රුපියල් 670 ක් දක්වා ද ලෙස සෙසු ගාස්තු ද ඉහළ දමා තිබේ.