අධිවේග මාර්ග වලින් හොරා කෑ අයට වැඩ වරදී -පුළුල් විමර්ශනයක්

0
384

පැවති රාජ්‍ය පාලන සමයේදී රට පුරා මහාමාර්ග, අධිවේගී මාර්ග රැසක් ඉදිකිරීමේදී සහ ප්‍රතිසංස්කරණය කිරීමේදී හරියාකාරව එම කටයුත්ත සිදු නොකර රජයේ මුදල් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් අවභාවිත කරමින් සිදුකර තිබෙන වංචා දූෂණ ගණනාවක් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම විමර්ශනය සඳහා මොරටුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවල ඉංජිනේරු පීඨවල ඉංජිනේරුවරුන්ගෙන් අදාළ මාර්ග පිළිබඳව විශේෂඥ මතයක් ලබාගන්නා බව කොමිසමේ ලේකම් එච්. ඩබ්ලිව්. ගුණදාස මහතා  පැවසීය.

අදාළ මාර්ග ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණය යටතේ මාර්ගවල ගුණාත්මකභාවය, ප්‍රමිතිය, තත්ත්වය යනාදී කාරණා සම්බන්ධව විශේෂඥ මතය ලබාගන්නා බවත්, ගුණදාස මහතා පැවසීය. කොමිසමේ විමර්ශන නිලධාරීන් සිදුකරගෙන යන පුළුල් විමර්ශනයට සහාය දැක්වීමක් ලෙස මෙය සිදුවෙයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සමඟ සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස විශ්වවිද්‍යාලවල සහාය කොමිසමට ලැබී තිබේ.

මාර්ග ඉදිකිරීමේදී සහ ප්‍රතිසංස්කරණයේදී සිදු වී තිබෙන රජයේ මුදල් හා සම්පත් අවභාවිතය වංචා දූෂණ පිළිබඳව අතිවිශාල මහජන පැමිණිලි සංඛ්‍යාවක් කොමිසම වෙත ලැබී තිබේ. ඒ අනුව මෙම පුළුල් විමර්ශනය සිදුවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here