අන්තර්වාර පාලනයකට මම සූදානම් – ජනපති

0
1052
gotabaya meeting

අන්තර්වාර පාලනයක් සඳහා තමා සූදානම් බව ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ට ලිපියක් මගින් දැනුම් දී ඇතැයි අස්ගිරිවිහාර පාර්ශවයේ ලේඛකාධිකාරී හිමියෝ පවසති.

එසේම ආර්ථික ප්‍රශ්න, රටේ අර්බුදකාරී තත්ත්වයන් විසඳා මහජනතාවගේ සුබ සාධනය සිද්ධ කිරීමට කටයුතු කරන බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සිදුකරන සාකච්ඡා සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මහනාහිමිවරුන් දැනුවත් කර තිබෙනවා.

එසේම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කර එම කටයුතු සිදුවිය යුතු බවද ජනාධිපතිවරයා මහනාහිමිවරුන්ට යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වූ බවයි අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here