අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට උයිගුර් ප්‍රජාවෙන් දොස්

0
308

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ශීත ඍතු ඔලිම්පික් උළෙල පැවැත්වීමට චීනයට අවසර ලබාදීමෙන් චීනය විසින් උයිගුර් ජාතිකයන්ට එරෙහිව සිදුකරන මානව හිමිකම් කඩකිරීම් වසන් කිරීමට අවස්ථාවක් ලැබුණු බව උයිගුර් ප්‍රජාව නියෝජනය කරන සංවිධාන පවසයි.

සමාරම්භක උත්සවයේ අවසන් ගිනිසිළුව දරන්නා ලෙස චීනය උයිගුර් ක්‍රීඩකයෙකු තෝරාගෙන තිබූ අතර එය චීනය උයිගුර්වරුන්ගේ ආරක්‍ෂාවට සහ පිළිගැනීමට සුදුසු ස්ථානයක් බවට ලොවට ව්‍යාජ ප්‍රචාරය කිරීමට යොදාගත් අවස්ථාවක් බව එම සංවිධාන පෙන්වා දෙයි.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චීනයට එරෙහිව සාක්ෂි පැවතියත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඒවා නොතකා බීජිං හි ක්‍රීඩා උළෙළ පැවැත්වීමට ඉඩ දී චීනය දිරිමත් කර ඇති බව උයිගුර් සංවිධානවල අදහසයි.

මෙම ක්‍රීඩා උළෙල පැවැත්වීමෙන් චීනය උපරිම ප්‍රයෝජන ගෙන ඇති බවටත් එම උළෙල චීනයේ විශිෂ්ටත්වය ව්‍යාජ ලෙස හුවා දැක්වීමට යොදාගත් බවටත් එම සංවිධාන පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here