Wednesday, January 8, 2025

අන්තර් දීමනාව මේ මාසයේ සිට ගුරු – විදුහල්පති වැටුපට

ඔහු සඳහන් කළේ යෝජනා කළ අන්තර් දීමනාව මෙම මාසයේ වැටුප සමග ඔවුන්ට ලැබෙනු ඇති බවය.

රජය ලබාදී ඇති විසඳුම පිළිගෙන ගුරු – විදුහල්පතිවරු නැවත සේවයට වාර්තා කරනු ඇතැයි විශ්වාස කරන බව අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

වැටුප් වැඩිවීමක් ද සිදුවන බවත් එය එක් වර ලබාදෙන ලෙස ගුරු සංගම් ඉල්ලා ඇති නමුත් පවතින මූල්‍ය තත්ත්වය අනුව එය අවස්ථා තුනකදී ලබාදෙන බවට අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවත් රමේෂ් පතිරණ මහතා මෙහිදී පැවසුවා.

මීට අමතරව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශණවලට අදාල ප්‍රගතිය පිළිබද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතාලි සංචාරය අතරතුරදී එරට රාජ්‍ය තාන්ත්‍රිකයන් වෙත කරුණු පැහැදිලි කෙරෙනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාතය රමේෂ් පතිරණ මහතා පවසනවා. ද්විපාර්ශ්වික සබදතා වර්ධනය කර ගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් අග්‍රාමාත්‍යවරයාගේ ඉතාලි සංචාරය කඩිනමින් සිදුවනු ඇති බවයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළවුනා. ඒ ආකාරයෙන්ම EPF/ETF දත්ත මැකීයාමක් වුවහොත් ඊට විකල්පයක් තිබේදැයි මාධ්‍යවේදීන් අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගෙන් ප්‍රශ්න කළා.

වැලිගම ප්‍රදේශයේ එන්නත්කරණය මධ්‍යස්ථානයකදී පොලිස් නිලධාරියෙක් විසින් ජනතාවට පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ නියෝග පරිදි විමර්ශණයක් පැවැත්වෙන බවයි මෙහිදි සදහන් කෙරුණේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles