අන්තර් පළාත් දුම්රිය ගමන් වාර ඉහළ දැමෙි

0
307

අන්තර් පළාත් දුම්රිය ධාවනයට තවත් දුම්රිය වාර 10ක් ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

අප කළ විමසීමක දී දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කලේ සංචරණ සීමා ඉවත්කිරීමෙන් පසු දුම්රිය ගමන් වාර 152ක් ක්‍රියාත්මක කළ බවයි.

ඒ අනුව,

  • ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වා ගමන් වාර දෙකක්
  • කන්කසන්තුරේ සිට ගල්කිස්ස දක්වා ගමන් වාර දෙකක්
  • කොළඹ කොටුව සිට මහනුවර දක්වා ගමන් වාර දෙකක්
  • මහනුවර සිට කොළඹ කොටුව දක්වා ගමන් වාර දෙකක්
  • මරදාන සිට මාතර සහ මාතර සිට මරදාන දක්වා ගමන් වාරයක් බැගින් නව අන්තර් පළාත් දුම්රිය ගමන් වාර 10 ක්‍රියාත්මක වන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here