අන්තවාදයට සම්බන්ධ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරයි

0
286

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉකුත් වසරේ නිකුත් කරන ලද “දැඩි අන්තවාදී හා ආගමික මතවාදයන්ගෙන් මුදා ගැනීමේ රෙගුලාසි” අඩංගු ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු ඇතුළු පාර්ශව 3ක් ඉදිරිපත් කළ පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ මෙම නියෝගය නිකුත් කර ඇත.

මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළ අතර යළි ලබන මාර්තු 21 වන දා අදාළ පෙත්සම් විභාගයට ගැනීමට දින නියම කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here