අනාගතේ ජනාධිපති වෙන්නත් පුළුවන්, කේන්දරේ රාජ යෝගයකුත් තිබෙනවා – තිස්ස

0
310

තමා විශාල දේශපාලන අත්දැකීම් ඇති පුද්ගලයෙක් හෙයින් තමාට ද ජනාධිපති වීමට අවස්ථාවක් ඇති බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

2015 තමා ලැබූ දේශපාලන පසුබෑම පන්නරයක් කර ගනිමින් තමන් තම දේශපාලන ගමන දියත් කරන බව අත්තනායක මහතා සදහන් කරයි.

තමා තරයේ ජෝතිෂ්‍ය විශ්වාස කරන බව සඳහන් කරන තිස්ස අත්තනායක මහතා තමාගේ කේන්ද්‍රයේ රාජ යෝග ඇති බවද සඳහන් කලේය.

එමෙන්ම හේෂා විතාන සහ චමින්ද විජේසිරි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ හැසිරීමට හේතුව ඔවුන්ට දේශපාලන අත්දැකීම් නොමැති වීම බව ද තිස්ස අත්තනායක මහතා පෙන්වා දෙයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here