අනිවාර්ය නිවාඩු යැවූ තෙල් සේවකයෝ මහින්ද, දිනේෂ් හමුවෙති.

0
278

අනිවාර්ය නිවාඩු යවා සිටින ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයින් පිරිස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී තිබෙනවා. ඒ, අරලියගහ මන්දිරයේදීයි.

එම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේද එක්ව සිටියා. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ අනිවාර්යය නිවාඩු යැවූ වෘත්තීය සමිති නියෝජිතයින් යළි සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ සාකච්ඡා කළ බවයි. 

මේ අතර එම ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයින් පිරිස ඊයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. ඒ, විජේරාම පිහිටි ඒ මහතාගේ නිල නිවසේදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here