අනුරාධපුර බන්ධනාගාර සිදුවීම විමර්ශනයට විශ්‍රාමික විනිසුරුවරයෙක්

0
511

අනුරාධපුර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය විමර්ශනයට විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කිරීමට ඊයේ පැවති කැබිනට් රැස්වීමේ දී තීරණය කර තිබෙනවා.

අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි පාර්ලිමේන්තුවේ දී ඒ බව සඳහන් කළා.

වැලිකඩ සහ අනුරාධපුර යන බන්ධනාගාරවල සිදුවූ සිද්ධීන් පිළිබඳව සොයාබැලීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙකු පත්කිරීමට තීරණය කර තිබේ.

අද (22) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා මේ බව සඳහන් කළේය.

බන්ධනාගාර විෂය භාරව කටයුතු කළ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බීමතින් වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට ගොස් කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය පසුගිය දිනවල දැඩි කතාබහට ලක්වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here