Tuesday, September 24, 2024

අනුර නිසා කිරිඇල්ලගේ දුව කලබලයට පත් වෙයි

මේ ප‍්‍රවෘත්තියත් සමඟ විවිධ මට්ටමේ පිරිස් අධිවේගී මාර්ග පිළිබඳව තොරතුරු ජවිපෙ මන්ත‍්‍රීවරුන්ට ලබාදීමට කටයුතු කළහ. මේ අතර ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාගේ ලේකම්වරියක වන ඔහුගේ දියණිය මේ විවාදය නිසා කලබලයට පත්ව සිටි බව ජවිපෙ මන්ත‍්‍රීවරුන්ට දැනගන්නට ලැබුණි.

පසුගිය දීපවාලි උත්සව දිනයේ රජයේ නිවාඩු දිනයක් වුවද කිරිඇල්ල ඇමතිවරයාගේ දියණිය අමාත්‍යංශ නිලධාරීන්ට නිවාඩු ලබාදී නොතිබුණ බව දැනගන්නට ලැබී තිබේ. ඇය එදින නිලධාරීන්ට බැනවදිමින් අවශ්‍ය ලියකියවිලි සකස් කර ගැනීමට විශාල වෙහෙසක් දරා තිබේ.

මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයෙන් පීඩාවට පත් ජනතා එකමුතුව විසින් විවාදය පැවැත්වෙන දිනයේ මාර්ග සංවර්ධන අධිකාරිය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීමට තීරණය කර තිබුණි. මධ්‍යම අධිවේගයෙන් පීඩාවට පත්වෙන ගම්පහ, කෑගල්ල, කුරුණෑගල සහ මහනුවර දිස්ත‍්‍රික්කවල ජනතාව එක්ව මෙම සංවිධානය පිහිටුවාගෙ තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles