Thursday, January 23, 2025

අනුර පුම්බන්න කෝටි පහක් වියදම් කළේ නෑ – JVP කියයි

”සමාජ මාධ්‍යයේ අනුර පුම්බන්න ජවිපෙ කෝටි පහක් වියදම් කරලා – සාක්ෂිත් සමග කැම්පේන් විස්තර එළියට” යන ශීර්ෂය යටතේ සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන පුවත සම්පූර්ණයෙන් අසත්‍යක් බවජනතා විමුක්ති පෙරමුණ පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණ පවසන්නේ අදාළ පුවත තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සමාජ මාධ්‍ය හරහා පිම්බීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ රුපියල් කෝටි පහක් වියදම් කර ඇති බවට ව්‍යාජ පුවතක් ලංකා මැග් (Lanka Mag) නමැති වෙබ් අඩවියක පළකර ඇති බව එහි දැක්වෙි

තවද මෙය ජනතා විරෝධයට ලක්වෙමින් සිටින ආණ්ඩුවේ බංකොලොත් ප්‍රචාරවලින් එකක් බව ත් එය හුදෙක් පක්ෂයට අවලාද නැගීම අරමුණු කර ගෙන මවන ලද පුවතක් බවත් අදාළ නිවේදනයේ සඳහන් ය.

එම පුවතේ සඳහන් වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ආයතනය සමග පක්ෂයේ කිසිදු සබඳතාවක් නොමැති බව ද ජනතා විමුක්ති පෙරමුණ අදාළ නිවේදනය මගින් අවධාරණය කර සිටී.

ජනතා විමුක්ති පෙරමුණ නිවේදනය මගින් අවධාරණය කර සිටින්නේ පක්ෂයේ බවට හැඟෙන සකසන ලද ව්‍යාජ රබර් මුද්‍රාද පක්ෂ නායකයින්ගේ ව්‍යාජ අත්සන් ද යොදා ගනිමින් සකසා ඇති මෙම ව්‍යාජ පුවත සහ ඊට පදනම් කර ගත් කූඨ ලේඛනය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

තම පක්ෂයේ බවට හැඟෙන ආකාරයට සකසන ලද ව්‍යාජ රබර් මුද්‍රා හා පක්ෂයේ නායකයන්ගේ ව්‍යාජ අත්සන් යොදා ගනිමින් මෙම පුවත සකස්කර තිබෙන බවද එම පක්ෂයේ ප්‍රචාරක ලේකස් විජිත හේරත් මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

අදාළ පුවත්පතේ සඳහන් වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ආයතනය සමග කිසිඳු සම්බන්ධතාවක් නොමැති බවත් මෙම ක්‍රියාව පක්ෂයට අවලාද නැගීම සඳහා සකස් කළ එකක් බවත් එම නිවේදනයේ දැක්වෙයි.

මේ අතර නම කියවෙන ඔගිල්වි ඩිජිටල් වෙළඳ දැන්වීමි ආයතනය පවසන්නේ, පක්ෂ නායකයෙකුගේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා තම ආයතනය දේශපාලන ව්‍යාපාරයක නිරතව සිටින බවට වන ප්‍රචාරයන් අසත්‍ය බවත් මෙවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරනයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ය. 

මේ නිසා මෙම ව්‍යාජ පුවත හා ඊට පදනම් කර ගත් කූට ලේඛන පිළබඳ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ජනතා විමුක්ති පෙරමුණ නිකුත් කළ නිවේදනය පහතින්…

ඔගිල්වි ඩිජිටල් ආයතනය නිකුත් කළ නිවෙිදනය පහතින්,

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles