අනුර මනතුංග නව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

0
798

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාචාර්ය අනුර මනතුංග මහතා පත්කිරීමට රජය තීරණය කර ඇත.

එහි වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් ධූරය දරන ආචාර්ය සෙනරත් දිසානායක මහතා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා බැවින්, පුරප්පාඩු වන තනතුර සඳහා මෙම පත්වීම සිදුකෙරේ.

මහාචාරය අනුර මනතුංග මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකි. විශ්වවිද්‍යාලයේ උරුම අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරයා ද ඔහු වෙයි.

ඒ අනුව, මනතුංග මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනවාරි 01 වැනි දින සිට පත්කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here