Thursday, January 23, 2025

අනුර සහ එරාන්ට කබ්රාල්ගෙන් පිළිතුරු

ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයා විසින් නිවාඩ් කබ්රාල් මහතා පත් කිරීම පිළිගත නොහැකි බව එරාන් වික්‍රමරත්න  සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනා කියා තිබේ. ඒ පිළිබඳ පහත තර්කයන්ට ද ඔවුන් දෙදෙනා පිළිතුරු දෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

පහත සඳහන් කරුණු අප වෙත එවා තිබෙන්නේ නිවාඩ් කබ්රාල් මහතා විසිනි. 

1) මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් එරාන් වික්‍රමරත්න ද, යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයෙකු ලෙස අනුර කුමාර දිසානායක ද වසර 5 ක් කල් ගත කළ අතර, ඒ අනුව කබ්රාල්ට එරෙහිව විෂමාචාරයන් තිබේ නම් ඒවා පිළිබඳ නීතිමය පියවරක් ගැනීමට හොඳටම ඉඩ කඩ තිබිණි. ඔවුන් සහ ඔවුන්ගේ හිතවතුන් ඒ සඳහා උපරිම උත්සාහයක් ගත්තත් එය කළ හැකි වුණේ නැත. එයට හේතුව කිසිදු වැරදි ක්‍රියාවක් හෝ වරදක් ඔවුන්ට ඔප්පු කර ගත නොහැකි වූ නිසා ය. 

2) මේ කියන යහපාලනයේ වසර 5 තුළ කබ්රාල් කළේ කුමක්ද? ඔහු සැඟවුණේ හෝ පළා ගියේ නැත. එකී සෑම චෝදනාවකටම නොබියව සහ සෘජුව මුහුණ දුන්නේය. සියලු විවේචනවලට සෘජුව පිළිතුරු දුන්නේය. දිගින් දිගටම කියන්නන් වාලේ දේවල් කීම සහ මඩ ගැසීම හැරුණු විට යහපාලන ආණ්ඩුවට කබ්රාල්ට විරුද්ධව එක් චෝදනාවක් හෝ සනාථ කර ගත හැකි නොවීය. දැන් ද ඔවුන් කරමින් සිටින්නේ කියන්නන් වාලේ කියවීම සහ මඩ ගැසීමයි. 

3) අනතුරුව කබ්රාල් පුරා වර්ෂයක් මන්ත්‍රීවරයෙකු වශයෙන් සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවේ සිටියේය. ඒ කාලය තුළ කබ්රාල්, අනුර කුමාර සහ එරාන් යන දෙදෙනාටම විවෘතව මුහුණ දුන්නේය. ප්‍රශ්න ඇසූ විට උත්තර ද දුන්නේය. නමුත් ඒ කිසිම ප්‍රශ්නයකදී කබ්රාල්ගේ මේ කියන චෝදනාවන් ට අදාළ කිසිවක් ඔවුන් අභියෝගයට ලක් කළේ නැත. 

මේ වන විට කබ්රාල් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අත්හරිමින් මහබැංකු අධිපති ධුරය ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බැවින් එරාන්ට සහ අනුර කුමාර බෙහෙවින් කලබල වී ඇති බව පෙනේ. කබ්රාල් යුධ සමයේදී මූල්‍ය යුද්ධය ජයගත් ආකාරයට මෙවරත් ආර්ථිකය සහ මූල්‍ය අංශය ස්ථාවර කළහොත්, ඔවුන්ට එය විශාල අභියෝගයක් වේ. මේ අංශයන් අස්ථාවර වන තරමට බලය ලබාගැනීමට තිබෙන සිහිනයට ඔවුන්ට ළං විය හැකිය. ඒ සිහිනය ඈත් වන විට ඔවුන්ට එය ඉවසීමට බැරි තත්වයක් උදා වීම ස්වභාවික දෙයකි. ඒ නිසා මේ මොහොතේ ඔවුන්ගේ පරම මෙහෙයුම බවට පත් ව තිබෙන්නේ රට ආර්ථික ස්ථාවරත්වය වෙත ගෙන යා හැකි පුද්ගලයෙකුට මහබැංකුව භාරදීම නතර කිරීමයි. ඒ සඳහා ඔවුන් උමතුවෙන් මෙන් හැසිරෙන ආකාරය මේ දිනවල දැකගත හැකිය. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles