අනුර සේනානායකත් යළි රිමාන්ඩ්

0
293

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට සම්බන්ධ බව කියමින් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා නොවැම්බර් 16 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (2) නියෝග කළේය.

නිතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා පැවසුවේ සිද්ධිය වු දවසේ  නාරහේන්පිට ස්ථානාධිපති ඩේමියන් පෙරේරාගේ දුරකථන ඇමැතුම් පරික්ෂා කරන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here