අනුර සේනානායකත් ලෙඩ වෙයි – ජපුර රෝහලට

0
355

අධිකරණ නියෝගයකට අනුව වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ අවස්ථාවේ නේවාසික ප්‍රතිකාර ලබාදිය යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති නිසා, රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ප්‍රතිකාර සඳහා රෝහලකට ඇතුළත් කර ඇති බව වර්තා වෙනවා. අනුර සේනානායක මහතාව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන්ත ධනසිංහ මහතා සඳහන් කළා.

හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කරේ රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ ඝාතනය පිළිබඳව තොරතුරු වසන් කිරීමේ චෝදනාව යටතේයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here