යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමේ ගිවිසුම අත්සන් කිරීමේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් බරපතළ වගන්ති හතරක් උල්ලංඝනය කර ඇති බව ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරනවා.
මෙම ගිවිසුම විශාල දූෂණයක් බවත් ටෙන්ඩර් කැඳවීමකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමකින් තොරව කැබිනට් අනුමැතියකින් තොරව එය සිදුකළ නොහැකි බව ඔවුන් අවධාරණය කරනවා.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස එම සංවිධානය විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කර තිබේ.
එම සංවිධානය වෙනුවෙන් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර යන පිරිස් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
පැමිණිල්ල ගොනු කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිසම ඉදිරියේ දී ඔවුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.
අපිව දන ගස්සන්න පුළුවන්
“ජාතික සංවිධාන එකමුතුව වශයෙන් අපි මේ පෙත්සම අල්ලස් කොමිසමට ඉදිරිපත් කරළා තියෙන්නේ. අපි දකින්නේ මේක විශාල දූෂණයක් හැටියට. මේ LNG ගිවිසුම ටෙන්ඩර් කැඳවන්නේ නැතුව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැතුව, කැබිනට් අනුමැතියකින් තොරව සම්පූර්ණයෙන්ම බලහත්කාරයෙන්ම වගේ ඉදිරිපත් කරපු ගිවිසුමක්. ඒ වගේම මේක ඇත්ත වශයෙන්ම දූෂණයක්. මේකෙන් දූෂණයට අමතරව අපගේ ස්වෛරීභාවයට විශාල හානියක් සිදුවෙනවා. මොකද මේ ගිවිසුම මගින් ඇමරිකාව අපේ විදුලිබල ශක්තිය අතට අරගෙන එයාලට ඕන වෙලාවක එවා නිෂ්ක්‍රීය කරල අපිව දණ ගස්සන්න පුළුවන්. ඒ වගේ භයානක දෙයක් මේ ගිවිසුම මගින් සිදු වෙනවා.
එම නිසා මෙම ගිවිසුම අවලංගු කළ යුතුයි. එමෙන්ම මේ වගේ දේවල් කරන්න ඉඩ දුන්නොත් අපේ සම්පූර්ණ ස්වාධීපත්‍ය නැති වෙනවා. අනිත් එක මේක කරන්න හදන්නේ භයානක අවස්ථාවක. මොකද අපි දැන් ඉන්නේ ගිනි කන්දක් උඩ. අපේ රට දැන් තියෙන්න තුන්කොන් බලවේගයකට මැදි වෙලා. එහෙම තියන වෙලාවක මේ වගේ දෙයක් ඇමරිකාවට දීම මහා භයානක දෙයක්. මේක තුන්වැනි ලෝක යුද්ධයක් කරා යන්න මුල් වෙන්න පුළුවන්. එම නිසා අපි කියනවා ආණ්ඩුවට මේක වහාම අකුල ගන්න කියලා.” යැයි ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවසීය.
වැරදි හතරක් කරලා
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අදහස් දක්වමින් පවසා සිටියේ “අද මේ අල්ලස් කොමිසමට පැමිණිලි කරන්නේ එතැනදී ඔහු වැරදි හතරක් කරලා තියෙනවා අල්ලස් දූෂණ පනත 70 වගන්තිය යටතේ රජයට පාඩු සිදුවන ආකාරයට පළවෙනි වරද තමයි. මෙය යුගදනවි බලාගාරයට අදාල කොටස් විකිණීමේදී මේ රටේ බලශක්ති ප්‍රතිපත්තියට අනුව ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමකින් තමයි එහෙම කරනවා නම් කරන්න පුළුවන්. ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමකින් නොකර එහෙම කොටස් විකිණීම නිසා රජයට පාඩු සිදු වෙනවා.
දෙවැනි කාරණය ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව සහ ගෑස් යටිතල පහසුකම් කොන්ත්‍රාත්තුව එකට ගැට ගසා එක සමාගමකට දීම නිසා රජයට අනාගතයේදී තරගකාරී මිලට වෙනත් ප්‍රභවයන්ගෙන් ගෑස් ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා රජයට පාඩු සිදු වෙනවා. තුන්වැනි කාරණය මේ ගෑස් ගබඩාව පොළවේ පාවෙන ගබඩාවට අතිරික්ත ධාරිතා ගාස්තුවක් ගෙවන්න අවුරුදු පහකට එකඟ වෙනවා ඩොලර් මිලියන 250 කට වැඩි ප්‍රමාණයක්. හැබැයි එහෙම ගබඩාවක් මිළදී ගන්න පුළුවන් ඩොලර් දෙසීයකට. විශේෂඥ මතය අනුව එතකොට මේ විදිහට අතිරික්ත ධාරිතාව යකට ගෙවන්න එකඟ වීමෙන් රජයට පාඩු සිදු කරලා තියනවා. හතරවෙනි කාරණාව තමයි අපට අවශ්‍ය ගෑස් ප්‍රමාණයට වඩා ගෑස් ප්‍රමාණයක් මිලදී ගැනීමට එකඟ වීම නිසා අපි භාවිතයට නොගන්නා ගෑස් වලටත් අපට මුදල් ගෙවන්න සිදුවෙලා තියෙනවා. ඒ නිසා රජයට පාඩු වෙනවා ඒ නිසා මේ ආකාරයට මේ ගිවිසුම් අත්සන් කිරීම මගින් භාණ්ඩාගාර ලේකම්වරයා රජයට පාඩු සිදු කළකරලා තියෙනවා. ඒ නිසා ඔහු අල්ලස් අල්ලස් හා දූෂණ පනතේ 70 වගන්තිය උල්ලංඝණය කරලා තියෙනවා.”
මේ බදුදීම රහසිගතව කළේ ඇයි
පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි අදහස් පළ කරමින් පැවසූවේ LNG ගිවිසුම අත්සන් කිරීම මගින් දූෂණයක් සිදුව ඇති බවයි.
“වර්තමාන ජනාධිපතිතුමත් ඒ වගේම වර්තමාන පාර්ලිමේන්තුවත් පත්වුණේ සෞභාග්‍යයෙ දැක්ම ඒ ප්රකාශනයට අනුව. දේශීය සම්පත් සුරකින බවට අපේ රටේ ජනතාවට පොරොන්දු දීලා. ඒ නිසාම මහජනතාව විශ්වාසය තබලා 60නම ලක්ෂයක් ඡන්දය දුන්නා. ජනාධිපතිතුමාට තුනෙන් දෙකේ බලය ඇති පාර්ලිමේන්තුවක් පත් පත්කර ගැනීමට අවශ්‍ය ඡන්දය දුන්නා. හැබැයි සමහර අවස්ථාවලදී අපට බොහෝම පැහැදිලිව පේනවා ඒ දේශීය සම්පත් සුරකීම වෙනුවට දේශීය සම්පත් විදේශ වලට බදු දීම එහෙම නැත්නම් විකිණීම වගේ දේවල් සිද්ධ වෙනවා.
අපට කොහොමවත් බලන් ඉන්න බෑ
“එයින් බරපතළ එකක් තමයි මේ යුගදනවි බලාගාරය ඇමරිකාවට බදු දීම අවුරුදු පහකට. අවුරුදු පහකට නෙමෙයි මාස කිහිපයකට බදු දුන්නත් ඇමරිකාව ඒ අය ගොල්ලන්ට අවශ්‍ය ප්‍රයෝජනය ගන්නවා. කවදාවත් ඇමෙරිකාව ආසියාතික රට වලට හිතවත්ව කටයුතු කරන්නේ නෑ. ඉතින් එහෙම එකේ ඒ මේ බදුදීම රහසිගතව ඇයි සිද්ධ කළේ. අපට බරපතළ ප්‍රශ්නයක් ඡන්ද දායකයො දන්නෙත් නෑ. ඡන්දෙ දීලා පත් කරපු මන්ත්‍රීවරු දන්නෙත් නෑ. ඒ විදිහට මහජනතාව හා මහජන නියෝජිතයන් දැනුවත් නැතුවයි මේ ගිවිසුම අත්සන් කරල තියෙන්නෙ.
ඉතින් ඒ නිසා අපි බොහොම තදින්ම ඉල්ලා හිටිනවා මේ ගිවිසුම ක්‍රියාත්මක කරන්න යන්න එපා. අපි දැන් අල්ලස් කොමිසමටත් බාර දුන්නා ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවකුත් ගොනු කරනවා මේකට එරෙහිව අපට කොහොමවත් බලන් ඉන්න බෑ. මේ දේශීය සම්පත් විජාතික විදේශික බලවේග වලට බදු දෙනකොට ඉන්දියාව ඇමරිකාව වගේ රටවල් අපට හිතවත්ව කටයුතු කරපු බවක් පේන්න නෑ අපට. ඉතින් ඒ නිසා අපි බොහොම කරුණාවෙන් බොහොම තදින් ඉල්ලා සිටිනවා වර්තමාන රජයෙන් ජනාධිපති තුමාගෙන් අගමැතිතුමාගෙන් ඒ වගේම පාර්ලිමේන්තුවෙන් මේ වගේ දේවල් කරන්න එපා. මේ දේශීය සම්පත් විකුණන්න වත් බදු දෙන්නවත් බෑ දැන් සමහර වෙලාවට මේගොල්ලෝ කියනවා අපි විකිණුවේ නෑ. විකුණුවත් එකයි බදු බදු දුන්නත් එකයි.” යැයි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි වැඩිදුරටත් පැවසුවා.