Saturday, September 21, 2024

අපනයනය කිරීම සඳහා කසළ තේ වලට විෂ රසායනික ද්‍රව්‍ය කලවම් කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගත් තේ තොගයක් ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ගේ බලපෑම මත නිදහස් කර ඇතැයි වාර්තා වේ. 

මෙවැනි වංචනික ක්‍රියාවක් සිදු වුවහොත් අදාළ කර්මාන්ත ශාලාව මාස 04ක් වසා තබා අදාළ තේ තොගය විනාශ කිරීම ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සිදු කළ යුතුව තිබුණද කර්මාන්තශාලාව විවෘත කිරීමට අවසර ලබාදී තිබේ.  

‘දිනමිණ’ පුවත්පත වාර්තා කර ඇති පරිදි මෙලෙස විවෘත කිරීමට අවසර ලබාදී ඇත්තේ ගම්පොල, වේලම්බඩ නිල්දලුකන්ද තේ කර්මාන්ත ශාලාවයි.  

කසළ තේ කිලෝ එක් ලක්ෂ තිස් හත් දහසකට කර්මාන්ත ශාලාව තුළම විෂ රසායනික ද්‍රව්‍ය කලවම් කරමින් මහා පරිමාණයෙන් තේ නිපදවමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් මේ කර්මාන්ත ශාලාව හා තේ තොගය මීට මාස දෙකකට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි. 

සෝඩියම් කිලෝ 235ක් පෙරස් කිලෝ 19ක් සීනි පැණි බෝතල් 138ක් සහ හඳුනා නොගත් දුඹුරු කුඩු කිලෝ 05ක් සමඟ මෙතෙක් ඉතිහාසයේ හඳුනා ගත් විශාලම කසළ තේ තොගය නැවත තේ කර්මාන්ත ශාලාවටම ලබා දෙමින් ශ්‍රී ලංකා තේ මණ්ඩලය 1957 අංක 51 දරන තේ පාලන ද උල්ලංඝනය කර තිබේ. 

memasso.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles