නොසැලකිලිමත්කම නිසා ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී සිවිදෙනෙකුට ජීවිත අහිමි වෙයි

0
286

ගාල්ල, බූස්ස, රිල්ලඹ හන්දියේ දුම්රිය හරස් මාර්ගයක දී‍ එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් සිව් දෙනෙකු මිය ගොස් තිබෙනවා.

අද (01) උදෑසන 10.45ට පමණ අනතුර සිදුව ඇති අතර වැල්ලබඩ, රිල්ලඹ හන්දිය ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී බෙලිඅත්ත සිට අනුරාධපුර බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ ගැටී තිබේ.

අනතුරට පත් පිරිස බූස්ස, වැල්ලබඩ පදිංචිකරුවන් වන බවත් අම්මා, තාත්තා, පුතා සහ ලේලි ත්‍රිරෝද රථයේ ගමන් කර තිබෙනවා .

ඔවුන් එකම පවුලේ මව,පියා,පුත්‍රයා හා ලේලි වන අතර ඔවුන් රිල්ලඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වනවා.

මිය ගොස් ඇත්තේ, 46 හැවිරිදි රියැදුරු, 47 හැවිරිදි රියැදුරුගේ බිරිඳ, වයස අවුරුදු 84ක් වන රියැදුරුගේ පියා සහ 84 හැවිරිදි රියැදුරුගේ බිරිඳගේ මව ය.

අනතුරට ලක්වූ ත්‍රිරෝද රථය දුම්රිය පැමිණෙමින් සිටියදී නොසැලකිලිමත් ලෙස දුම්රිය මාර්ගය හරහා ධාවනය කරන අයුරු CCTV දර්ශනවලින් පෙනී යයි.

එම දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂක ගේට්ටුවක් ද නොමැති බව දක්නට ලැබේ.

ඔවුන් ගාල්ල නගරය දෙසට යමින් සිට ඇති බව ත්, 46 හැවිරිදි රියැදුරු අනතුරු සංඥා නොතකා දුම්රිය අනාරක්ෂිත මාර්ගය හරහා ත්‍රිරෝද රථය ධාවනය කර ඇති බව ත් පොලිසිය පවසයි.

මෘත ශරීර මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

රත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here