අපහාස නවත්වා ජනතාවට සහන දෙන්නැයි හිටපු ජනපති ඉල්ලයි

0
481

ඊයේපැවති පළමු ජන සටන පාද යාත්‍රා සැසියේදී හිටපු ජනපති මහින්ද මහතා විවිධ අදහස් පළ කරා.

ඔහු දැක්වූ අදහස් පහතින් ඇත:

“අපේ කාලයේ මෙහෙම තහනම් නියෝග ගත්තේ නැහැ. අපි පුළුවන්තරම් සාමකාමීව කොහොමහරි ගමන යනවා. වැට්‌ බද්ද, විරැකියාව, විශේෂයෙන්ම උපාධිධාරීන්ගේ විරැකියාව, එට්‌කා ගිවිසුම යනාදී ජනතා විරෝධී, ජනතා පීඩාකාරී වැඩපිළිවෙළ රැසක්‌ මේ ආණ්‌ඩුව සිදු කරනවා. මීට එරෙහිව ජනතාව අද පාරට බැස පෙළ ගැසී සිටිනවා”.

“ආණ්‌ඩුව මේ පණිවුඩය නිවැරැදිව තේරුම් ගත යුතුයි. දැන්වත් මතවාදය වෙනස්‌ කර ගන්න ඕනෑ. ජනතාවට සහන දිය යුතුයි. පිටරටවල් සමග ගිවිසුම් ගැහුවට කමක්‌ නැහැ. රට ගැන හිතා ඒ ගිවිසුම් ගැසිය යුතුයි. අද හැමෝටම අපහාස කරන යුගයක්‌. දේශපාලනඥයන්ට පමණක්‌ නොවෙයි මුරලිට කරන අපහාස බලන්න. තමන්ට කැමැති නැත්නම් ඒ පුද්ගලයා අපහාසයට පත්වෙනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here