Monday, December 23, 2024

”අප්‍රේල් මාසය වන විට ජනතාවට කන්න දෙයක් නැති වේවි.ආණ්ඩුව යන පාර වැරදියි, අපෙන් කිසි දෙයක් අහන්නේ නැහැ” – මහාචාර්ය මෙත්තිකා අනතුරු අඟවයි !

එළඹෙන අප්‍රේල් මාසය වන විට මෙරට ජනතාවට කෑමට ආහාර නොමැති තත්ත්වයක් ඇතිවනු ඇතැයි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය අනතුරු අඟවයි.

ඒ අනුවඉදිරි මාස හතර අවසන් වන විට රට තුළ විශාල ආහාර අර්බුධයක් ඇති වන බවයි ඇය පෙන්වා දෙන්නේ.

මහ කන්නය සඳහා වගා කටයුතු ආරම්භ කල යුතුව ඇතත් ඊට අවශ්‍ය පොහොර ලබාදීමට මෙතෙක් රජය පියවර ගෙන නැතැයි ද ඇය පවසයි.

කාබනික දියර පොහොර පමණක් යෙදීමෙන් රටට ප්‍රමාණවත් අස්වැන්නක් අපේක්ෂා කළ නොහැකි බව ද ඇය කියා සිටී.

මහ කන්නය යනු මෙරට වැදගත්ම හා වැඩිම අස්වැන්නක් හිමි කන්නය බවත් එම කන්නයේදී අත්හදා බැලීම් කිරීමට හැකියාවක් නොමැති බවත් ඇය පැවසීය.

කෘෂි කර්මාන්ත ක්ෂේත්රයේ විද්වතුන් සහ පර්යේෂකයන් පෙන්වා දී ඇති කරුණු කෙරෙහි රජය සැලකිල්ලක් නොදක්වමින් ගෙන යන වැඩපිළිවෙළ නිසා ආහාර හිගයක් ඇතිවීම නොවැළැක්විය හැකි බවද ඇය තව දුරටත් සඳහන් කළාය.

“රටේ කෘෂි විද්වතුන් නිරන්තරයෙන් සිදුකල අනතුරු ඇඟවීම්,සිහිකැඳවීම් කිසිවකට මේ ආණ්ඩුව කන් දුන්නෙ නෑ!
මේ ටික කරන්න මේ වත්මන් ආණ්ඩුවට පුදුම ගායක් තිබුනෙ..රු.1200ට විතර තිබුනු පොහොර මිටියක් පවා රු.හත් අට දාහකට එන තැනට වැඩේ හදලා පුද්ගලික අංශයට පෝර ගෙන්වන්න ඉඩ දුන්නා.ගොවීන්ට දීපු පොහිර සහනාධාරය මුලුමනින්ම අහෝසි කරලා ඒක කාබනික පොහොර වලට විතරක් ලබා දීමට ගත්තු තීරනය හරහාත් මේ රටේ ගොවිතැනට එල්ල වුනේ මරු පහරක්.
වසවිෂ නැති කාබනික පොහොර ගොවින් වෙනුවෙන් ගෙන්වනවා කියලා රු.කෝටී ගනන් වැයකරල ඊටත් වඩා උග්‍ර විස අඩංගු කුනු ගොඩවල චීනයෙන් ඇනවුම් කළා.
එකට හතර ගුණයක් ගෙවා ප්‍රමිතයෙන් බාල නැනෝ පොහොරක් ඉන්දියාවෙන් ගෙන්නුවා.
රට තුල හදන කාබනික පොහොර වල ගුනත්වය පිලිබඳ සහතික දෙන්නත් බෑ
ඒ නිසා ලබන වසරේ අප්‍රේල් මාසය වන විට මේ රටේ මිනිස්සුන්ට කන්නවත් නැති තත්වයකට එනවා”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles