අපිටත් වැරදුණා…! – මුරුත්තෙට්ටුවේ හිමි කනගාටුව පළකරයි..

0
537

වත්මන් ආණ්ඩුව බලයට පත්කර ගැනීම සඳහා මූලිකත්වය ගනිමින් වෙහෙස වූ නමුත් දැන් තමන්ටත් කියන්නට ඉතිරි වී ඇත්තේ “රැවටුණා – වැරදුණා” යන්න පමණක් බව නාරාහේන්පිට අභයාරාමයේ විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

“දෙවනි එන්නත ලබාගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශයට අග්‍රාමාත්‍යතුමාගේ ලිපියකුත් යොමුකරලා, සෞඛ්‍ය ලේකම්තුමාට, අපෙ සෞඛ්‍ය ඇමතිතුමියට, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට ලිඛිතව ඉල්ලීමක් කරලා තිබෙන්නෙ. පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍යවරිය මහ බොළඳ කතාවක්, හෝඩියෙ කතාවක් ප්‍රකාශයට පත් කළා. ඒ කියන්නෙ එතුමියගේ අනුමැතිය ඇතිව තමයි මේකෙ පළවෙනි එකත් ගත්තෙ, දෙවැනි එකත් ගත්තෙ. එහෙමනම් අද එතුමිය මේ පිළිබඳ වගකීමක් දන්නෙ නෑ කිව්වා නම් එතුමියගේ මොළේ ආබාධයක් තියෙන්න ඕනෙ. 

අගමැතිතුමාගෙ ලියුම මා ළඟ තිබෙනවා, එතුමියට ඉදිරිපත් කරපු ලියුම් අප ළඟ තිබෙනවා. මේ සියල්ලම පැහැර හැරලා ජනතාව නොමඟ යවනවා නම් මම හිතනවා අපටත් බොහොම වේදනායි. අපි ආණ්ඩුවක් බලයට පත්කර ගත්තේ, ඒක ඇත්ත. උදව් කළ එක ඇත්ත. නමුත් දැන් අපටත් කියන්න ඇත්තේ “රැවටුණා, වැරදුණා” කියන කතාව පමණයි. අපට හැමදාම කියන්න වෙලා ඇත්තේ ඒකයි” යනුවෙන් උන්වහන්සේ පැවසූහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here