Saturday, January 11, 2025

අපිටත් විශාල ගැටළුවක් තියෙනවා. ගල් අඟුරු මිලදී ගන්න,තෙල් මිලට ගන්න

ඉන්ධන මිල ඉහල යාමත් සමග විදුලි බිලද ඉහල යාමක් සිදුනොවන බව විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව මගින් කැස්බෑව නගරයෙ වෙලඳ සැලක් විවෘත කිරීමේ උත්සවකය සහභාගි වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙලෙස සඳහන් කළේය.

‘අද විපක්ෂය උත්සාහ කරන්නේ ලෝකයේ තියෙන ආර්ථික අර්බුදය මගින් ජය ගන්න. කොවිඩ් රෝගයත් සමග මුළු ලෝකයම ආර්ථික අර්බුදයක ඉන්නේ. අපිත් ඉන්නේ ආර්ථික අර්බුදයක,

මම ඉන්න විදුලිබල අමාත්‍යංශය අපිටත් විශාල ගැටළුවක් තියෙනවා ගල් අඟුරු මිලදී ගන්න,තෙල් මිලට ගන්න, කන්ටේනර ගාස්තු වලින්.

අපිත් තෙල් සංස්ථාවත් එක්ක සාකච්ඡා කළා, අපේ තාප බලාගාර වලට අවශ්‍ය තෙල් පිළිබඳව ඒකත් අපි සම්පූර්ණ කරල තියෙන්නෙ

අවම තත්ත්වයෙන් අපි විදුලිය පාවිච්චි කරන්න කිසිම තදබල විදුලි කැපීමක් නැතුව ,අපේ බලාගාර වල හදිසි ආපදාවන්වල දී පමණක් මිනිත්තු පහළොවකට විස්සකට පමණ විදුලිය කපන්න වෙනවා නැත්තං අපි විදුලිය අඛණ්ඩව පවත්වාගෙන යනවා.

මම දන්න තරමින් විදුලිය කැපීම සම්පූර්ණයෙන් ඉවරයි. නමුත් අපේ ගල් අඟුරු බලාගාරයේ මෙගා වොට් 300 ෆ්ලාන්ට් තුනක් තියෙනවා.එක ෆ්ලාන්ට් එකක් හදිස්සි ආපදාවට ලක් වෙලා පිළිසකර කරනවා. ලබන මාසයේ 10 වැනිදා වෙනකොට ඒකත් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංසකරණ ඉවරයි.’ යනුවෙන් ඇමතිවරයා පැවසීය.

– බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles