Saturday, September 21, 2024

අපිට ඕනේ යුක්තිය ඉෂ්ට වෙනවා දකින්න

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්දයෙන් හේතු වූ කරුණු දැනගැනීමට අවශ්‍ය බවත් එය ජනතාවගේ අයිතිවාසිකමක් බවත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් සඳහන් කරයි.

කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැදුරේ ඊයේ (30) පැවති උත්සවයකට එක්වෙමින් අගරදගුරු හිමියන් මේ බව පැවසීය.

“අපි හැමදාම කිව්වේ එක දෙයයි. මේ මිනිස්සු නිරපරාදේ මරාදමන්නට හේතු වුණ හේතු අපිට දැනගන්නට ඕනේ. ඒක අපේ අයිතිවාසිකමක්. ඒක අපිට දෙන තෑග්ගක් නෙමේ කවුරුවත්. ඒ නිසා අපි නැවත නැවතත් ඉල්ලා සිටින්නේ මේ රටේ නායකයන්ගෙන්, පාස්කු ප්‍රහාරය පිටුපස්සේ තියෙන සම්පුර්ණ කතාව හෙළිදරව් කරන්නට කටයුතු කරන්න කරුණා කරලා. අන්න ඒක අපි මතක් කරලා දෙන්න කැමතියි, මේ රටේ නායකයාට, නායකයින්ට. අපි ආරවුල් ඇති කරගන්න කරන අරගලයක් නෙමෙයි. අපිට ඕනේ යුක්තිය ඉෂ්ඨ වෙනවා දකින්න. අපි එච්චරයි බලාපොරොත්තු වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ගොඩාක් මුදල් දෙන්න කියලා. අරවා මේවා හදලා දෙන්න කියලා. අපි බලාපොරොත්තු වෙන යුක්තිය ඉෂ්ඨ කරන්න.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles