අපිට රසායනික පොහොර ආනයනය කිරිමට වේලාවක් නෑ

0
268

කාබනික පොහොර වැඩපිළිවෙළ දේශපාලනීකරණය කරන්න සමහරු උත්සාහ දරන බව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මහ කන්නයට අවශ්‍ය පොහොර ලබාදෙන එක මේ වෙනකොටත් ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

මෙි අතර උසස් ප්‍රමිතියෙන් යුත් නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවෙන් ආනයනය කර මේ මස අගදී වී ගොවීන්ට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.

බහුලව වී ගොවිතැන් කරන අම්පාර ඇතුළු දිස්ත්‍රික්වලට මුලින්ම නයිට්‍රජන් දියර පොහොර ලබා දෙන බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කළේය.

අම්පාර දිස්ත්‍රික්කයට අවශ්‍ය කොම්පෝස්ට් හා කාබනික දියර පොහොර හා පොටෑසියම් ක්ලෝරයිඩ් යන පොහොර වර්ග තුනම මේවන විටත් අම්පාර ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත යවා ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

මෙවර මහ කන්නයේ වී වගාවෙන් ආදායම අඩු වුව හොත් එලෙස අඩු වන අදායම වෙනුවට රජයෙන් වන්දි ලබා දීමට කටයුතු කරන බවට සහතික වීමත් සමඟ ගොවීන් කුඹුරු වගා කීරිමට පෙළඹී ඇති බව දිස්ත්‍රික් බොහෝමයක ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරුන් තමාට දැනුම් දී ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here