අපි ආණ්ඩුවෙන් යන්නේ නෑ – මෛත්‍රී කියයි

0
328

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමේ කිසිදු සූදානමක් නැතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

සන්ධාන ගොඩනැගීම පිළිබඳව කෙරෙන කථාබහ අලූත් දෙයක නොවන බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් යන බවට යමෙක් කියනවා නම් එය මුලූමනින්ම අසත්‍යයක් බවද හිටපු ජනාධිපතිවරයා කීවේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 70 වෙනි සංවත්සරය නිමිත්තෙන් එයට සමගාමීව පොලොන්නරුව නව වෙළඳ සංකීර්ණයේ ශ‍්‍රවණාගාරයේ පැවැති ලේ දන්දීමේ වැඩ සටහනේ සමාරම්භක අවස්ථාවෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here